Thursday, June 27, 2013


පෙට්රල් ඉතුරුකරගමු  (Automatic Transmission) 

ඉතින් කොහොමද කස්ටිය? සැහෙන කාලෙකින් ඔන්න වැඩකට ඇති දෙයක් කියන්න කියලයි සොමේගේ සූදානම, අපි කාටත් ඉතින් මේ ලංකාවේ ආශ්චර්යමත් මූල්‍ය කළමනාකරණය නිසා අමන්දානන්දයට පත්වෙන්ඩනේ සිද්දවෙලා තියෙන්නේ, ඉතින් ඔය කාරණය නිසා අපි භාවිතා කරන වාහනයේ ඉන්දන දහනය රුපියලකින් දෙකකින් හරි වැඩි කරගන්ඩ පුලුවන්නම් එක ලොකු දෙයක්නේ, අද මම කියලදෙන්ඩ හදන්නේ අපිට එච්චරම ගානක් නැති උනාට ගොඩක් දුරට ඉන්දන දහනය අඩු කරගන්න පුළුවන් ක්‍රම කීපයක්,



01. සාමාන්යෙන් ගොඩක් දෙනෙක් කරන්නේ ඔටෝ ගියර්නේ කියල ඔහේ ඇක්ස්ලේටර් එක පාගාගෙන ඉන්න එක, එත් අපි වාහනේ හඳට හොඳින් අහුම්කන්දීගන ඩ්‍රයිව් කරනවානම් මන් මේ කියන දේ කරන්න පුළුවන්, ගොඩක් දුරට නිෂ්පාධකයා විසින් ඔටෝ ගියර් වාහනයක ගියර් මාරු වීම හදල එවන්නේ තනි ගියර් එකේ උපරිම වේගයක් ලබාගන්න පුළුවන් වෙන්න, නමුත් එතැනදී එන්ගිම ටිකක් වැඩිපුර රේස් වෙනවා, නමුත් අපිට එන්ජිමේ හඩත් සමග ධාවනයේ යෙදෙනකොට, ගමන් කරන ගියරයේ සිට ඊළඟ ගියරයට යා යුතු අවස්තාව ගැන අවභෝදයක් ගන්න පුළුවන්, අන්න ඒ තැනදී ඇක්ස්ලෙටරය පොඩ්ඩක් ඇත අරියනම් ඊ ළඟ ගියරයට නිකන්ම මාරු වෙනවා. එවිට අර එන්ජිම රේස් වෙන එක නැතුව ගියර් එක මාරු වෙනවා, මේක කරන්න ලේසියි ආර් පී එම් මීටර් එකක් තියනවනම්, සාමන්යෙන් 2000 පනපුවම වගේ මේ විදියට කරානම් හරියටම හරි.(මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි, මොකද මන් භාවිත කරන්නේ පෙට්‍රල් වාහන 2009 වසරේ සිට ඔටෝ, ඉන්දන දහනය කිලෝමීටරයක් දෙකකින් වැඩි කරගන්න පුළුවන්)

02. තවත් දෙයක් තමයි අපේ රටේ මාර්ගවල ඉඩ කඩ බොහොම වැඩි නිසා පාරට බැහැපු වෙලේ ඉඳන් පුදුම සහනයක්නේ හිතට දැනෙන්නේ, ඒ තරමටම පාර නිදහස්  :උන්හිටි තැන නැතුව හිනාවෙන මූණ: හරි මේකයි කියන්න හැදුවේ ගොඩක් දුරට අපිට ට්‍රැෆික් වලට සෙට් වෙන්ඩ වෙනවනේ ඉතින් ඒ වගේ වෙලාවට ගියර් එක ඩී එකේම තියාගෙන බ්රේක් පාගාගෙන ඉන්නේ නැතුව නිවුට්‍රල් එකට එහෙමත් නැත්නම් එන්  එකට දාගන්ඩ මතක තියාගන්න, මොකද අපි ඩී එකේ තියාගෙන බ්රේක් කරන ඉන්නවා කියන්නේ හරියට හරකෙක් ගැහෙ බැඳලා උව දක්කන්ද තඩි බානවා වගේ වැඩක්. එක නිසා වාහනය එන්ජිම පනගන්වා නතර කරන ඉන්න හැම වෙලාවකම ගියර් එක නියුට්‍රල් කරගන්න, ඕනෑම ස්වයංක්‍රීය ගියර් පද්දතියක් ඇති වාහනයක ඩී එකේ සිට එන් එකට ගියර් ලිවර් එක දාන්ඩ බට්න් එක ප්‍රෙස් කරන්ඩ ඕනේ නෑ, නිකන්ම තල්ලු කලාම වැටෙනවා. 

03. තව දෙයක් තමයි ගමන ආරම්භයේදීම ඇක්ස්ලෙටරය උද හිටගෙන පිකප් කරන්ඩ එපා, සෑහෙන්ඩ පෙට්‍රල් පිච්චෙනවා එතකොට සාමාන්‍ය ප්‍රමාණයට ඇක්ස්ලෙටරය පාගල පිකප් කරගන්න, මොකද එකපාර 50ට 60ට පිකප් කරගත්ත කියල ලංකාවේ පාරවල් වල ඉන්න රියදුරන් සහ පාරවල්වල තත්වය නිසා වැඩක් වෙන්නේ නෑනේ.

Monday, April 8, 2013

මුලින් දුටුවේ බ්‍රහස්පතින්දා Mulin Dutuwe Brahaspathinda


දැන් ඉතින් තොපිලාස් මගෙන් අහන්න එපා මේ මොන පයන්නක්ද? එහෙමත් නැත්නම් මේ මොන හුයන්නක්ද කියලනම්,  මොකද ඉතින් මගේ ජීවිතේ තිබ්බෙම එහෙම මොකක්ද කියල කියන්න බැරි ගොන් පාට්  තමයි, 
පෙරේද කොළඹ රටේ ඉදන් කන්ද උඩ රට රාජධානියට එනකොට ඇහුන මධුර මනෝහර බස් ගීතයන් කීපයකින් උපුටා ගත්  කොටස් දෙකක් තමයි ඉතින් මේ දාල තියෙන්නේ, නිකන්ම නොයා ඔය මහත්ම මහත්මීන්ගේ වැදගත් කාලය කාබාසිනියා කරපු තරහට බැනලවත් ගියානම් තමා මට සතුටු.





Thursday, March 28, 2013

වැහි බින්දු


මේක දැක්ක ගමන් ඊය චී වල් කියල හිතුන අය කරුණා කරලා පොඩ්ඩක් කොමෙන්ටුවක් දාල යනවද? 
හේතුව ඒ තමයි මනස දූෂණය උණු අය :පී 
මොකද මම මෙතන ලියල තියෙන්නේ සින්දුවක් සහ ඒකට අදාළ රූපයක්, ඒ ඇරුණ කොට මගේ හිතේ කිසිම වල් හැන්ගීමක් තිබ්බේ නෑ, ඕනෑම දෙයක් දකින විදිය අනුව ඒකෙන් දෙන පණිවිඩය වෙනස් වෙනවා.

Wednesday, March 27, 2013

මට කඳුළු එන්න කලියෙන්


ඔන්න ඉතින් මට වැඩිය පුරුදු නැති වැඩකට අත ගහන්න කියල තමයි හදන්නේ, එත් අද අහම්බෙන් සිද්ද උණු සිද්දියක් නිසා මට මේක දාන්ඩ හිතුනේ.
ඒ තමයි, අද මන් ඉන්නේ ගොඩක් අසනීප තත්වෙන් ඉතින් කොම්පීතරේ දාන්නේවත් නැතුව ඇඳට වෙලා පුද්ගලික රේඩියෝ නාලිකාවක සින්දුවක් අහගෙන ඉද්දි ඇහුන ගීතයක් නිසා තමයි මේ සිද්දිය මේ විදියට දාන්ඩ හිතුවේ. සින්දුවක තේරුම ටිකක් අමුතු වෙන තරමට එකේ රසය වැඩිවෙන සිද්ධියක් තියනවනේ ඔය සම්භාව්‍ය සහ සුභාවිත කියන කැටගරි ඇතුලේ. ඉතින් මටත් මේ සින්දුවේ කියන තේරුම ගොඩක් හිතට දැනුන. අත්දැකීමක් වගේ එකක් තිබුනත් මේ දේ අද සමාජේ ආදරය කරන දෙන්නෙක් අතර ගොඩක් දුරට සිද්ද වෙනවා නේද කියන හැගීම මට දැනුන. එහෙනම් අවසරයි දිග අරින්න මගේ සිතුවිලි මාගල.

හතර වරම් ඔක්කොම කීවට කීවේ නෑනේ සින්දුව මොකද්ද කියල නේද? සින්දුව තමයි දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියගේ මට කඳුළු එන්න කලියෙන් කියන ගීතය.


මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න 
නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න 
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න 

ආදරය කරන දෙන්නෙක් කවදාවත් ආදරෙන් හමුවෙනවා මිසක් වෙන් වෙන්න බලාගෙන හමුවෙන්නේ නෑනේ, නමුත් එක්කෙනෙක්ගේ හිතේ තියෙන්න පුළුවන් අද මේ අපි හම්බවෙන්නේ අන්තිම වතාවට නේද කියන දේ. ඉතින් අන්න ඒ වගේ අවස්තාවක මේ ගීතයේ කතා නායිකාව වෙන ගෑනු ළමයත් තමන් ආදරය කරන කෙනාව හම්බවෙන්න එන්නේ ආදරෙන් කාලය ගත කරන්න නෙවේ අදින් පස්සේ අපි හම්බවෙන්නේ නෑ කියන පණිවිඩය කියල යන්න. නමුත් එහෙම කියන්න සිද්දවෙලා තියෙන්නේ කැමැත්තකින් හෝ සතුටකින් නොවෙන බවට අපිට හන්ගීමක් එනවා ගීතයේ පවතින සංගීතමය ගතියට සහ එම පද පේළිවල තියන දුක මුසු වචන නිසා. ඒ බව අසන්නාට දන්වන්න තමයි රචකයා විසින් මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න කියන වචන ටික මනාවට ගලපා ඇත්තේ.


මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි 
හෙට අවපස වී මන් එන කොට අඩන්න නරකයි 
තව එපා ඉන්න...........තව එපා ඉන්න.........
ඔය ඇස් බැලුවම මට බෑ හෙට තලි අඳින්න 


මෙතැනදී රචකයා වගබලාගෙන තියනවා කතා නායිකාවගේ හෙටින් උදාවෙන ජීවිතය මොන වගේද කියල පෙන්නුම් කරන්න. මොකද මෙහි සඳහන් කරලා තියනවා මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි කියල, ඒ කියන්නේ තමන් පුර හඳක්නම් ඒ පුර හඳට ලැබෙන අන්තිම පෝය අද දවසයි, මේ මොහොතින් පස්සේ හෙට සිට මගේ ජීවිතයට අමාවක ලබනවා නමුත් එහෙම උනා කියල ඔයා අඩන්න දුක් වෙන්න එපා කියල තමන්ගේ ආදර වන්තයගේ ජීවිතේ ලස්සන කරන්න පුංචි හරි උත්සහයක නිරත වෙනවා අවසාන මොහොතේදීත්. ඒ වගේම ඇය විසින් ගත්තාවූ තීරණයේ තව දුරටත් ස්ථාවර වන්නට බැරි වෙයි කියල හිතෙන නිසා පෙම්වතාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා තව එපා ඉන්න කරුණාකරලා දැන් යන්න ඔයාගේ ඇස් දිහා, ඔයා දිහා බලන් හිටියොත් මට බැරිවෙයි හෙට අකමැත්තෙන් උනත් දෙමාපියන්ගේ කැමැත්තට ඉඩ දෙන්න කියල.


සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි 
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ළඟමයි 
දැන් ඉතින් යන්න.......දැන් ඉතින් යන්න.....
අතැඟිලි වැටුනම බැරිවෙයි මුදු පලඳවන්න්න 


ඔන්න ඉතින් දැන් තමයි නරකම වැඩේ. මේක මොන තරම් නරක සහ මොන තරම් සමාජ අසම්මතයක් උනත් මේ වගේ ජීවිත ඕනේ තරම් අද සමාජයේ අපි අතර තියනවා, එත් ඒවා පිට ලෝකෙට හැමදාම රහස් විතරයි. නමුත් දෙතැනක ඉඳගෙන හිත් වලින් ආදරය කරන අය අප්‍රමාණව මේ සමාජේ ඉන්නවා. 
ඉතින් මේ කතාවේ ගෑනු ළමයත් කියනවා එයාගේ ප්රේමවන්තයාට සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි කියල. ඒ කියන්නේ සඳ පායන අහස වෙන එකක් උනාට එහි සිසිලස, සඳ එලිය හැමදාමත් ලැබෙන්නේ ඔයාට විතරමයි කියල. අපි දුක් නොවී හිනාවෙලා ඉම්මු කවුරු කොහොම අපිව වෙන් කරන්න හැදුවත් අපි අපේම විතරයි කියල. ඉතින් එක නිසා දැන් අපි වෙන් වෙලා යමු අපිට අපි නැතිවෙන්නේ නැති නිසා. මොකද අපේ අතැඟිලි එකතු උනොත් හෙට මුදු පළඳින්න බැරි වෙයි කියල.


මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න 
නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න 
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න

මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි 
හෙට අවපස වී මන් එන කොට අඩන්න නරකයි 
තව එපා ඉන්න...........තව එපා ඉන්න.........
ඔය ඇස් බැලුවම මට බෑ හෙට තලි අඳින්න 

සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි 
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ළඟමයි 
දැන් ඉතින් යන්න.......දැන් ඉතින් යන්න.....
අතැඟිලි වැටුනම බැරිවෙයි මුදු පලඳවන්න්න 


පද රචනය ආනන්ද හේවා රන්හින්දගේ 
තනුව මහින්ද බණ්ඩාර 
ගායනය දීපිකා ප්‍රියදර්ශනිපීරිස් 


ඉතින් ඔන්න ඕක තමයි මේ සින්දුවේ අන්තර්ගතය කවුරුත් දනන්වනේ ඉතින් සෝමපාල අයියට බෑනේ ඔය සරල සොඳුරු සිංහල භාවිත කොරන්ඩ. ඉතින් අතරින් පතර ජහර කතා ටිකකුත් වැටිලා ඇති එකට සමාව මෙව්වා කොරන්ඩකෝ කස්ටියම.


හරි එහෙනම් ඔන්න කොටලා ඉවරයි. මහන්සියට සලකනවානම් ඉතින් හිස නමා ආචාර කරනවා






අතේ ඇති ගානට වටිනා වාහනයක්


කොහොමද කස්ටිය? ගොඩක් දවසකින් හරි හමන් නූලක් දාන්දත් බැරි උන නිසාත්, මේ දවස්වල මන් දැකපු වෙනත් නූල් කිහිපයක් නිසාත් මේක දාන්න හිතුන. නමුත් මේක මගේ අදහසක් පමණක් බව කරුණාවෙන් සලකන්න, මගේ අදහස ගෙනත් හිතල ඔයාගේ දැනුමෙනුත් හිතල බලල තීරණයක් ගන්න.

හරි මෙන්න මේකයි ප්‍රශ්නේ, අද අපිට වාහනයක් ගන්න ගියාම අතේ තියන මුදල සීමිතයිනම් ප්‍රශ්නයක් වෙනවමනේ, එකට ප්‍රධානම හේතුව තමයි අඩු ගානකට ගන්න දෙන ගානට වටිනා වාහනයක් හොයාගන්න බැරිවෙන එක, උදාහරණ කීපයක් මන් පෙන්වන්නම් අපේ අවශ්‍යතාවය වෑන් රතයක්නම් අපිට එකට වියදම් කරන්න පුළුවන් උපරිම මුදල ලක්ෂ 20කනම් අපිට ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා නේද? මොකද අද අපිට ලක්ෂ 20ක් ඇතුලත මිලට ගන්න පුළුවන් අලුත්ම වාහනය තමා නිසාන් වැනට් පෙට්‍රල් රථය එහෙමත් නැත්නම් එම මාදිලියේම mazda බොන්ගෝ රථය.1998 1999 වගේ වසර වල නිෂ්පාදනය උණු රථයක් මිලට ගන්න පුළුවන් අපිට. 
නමුත් මෙම වසරවල නිෂ්පාදිත රථයක් උනත් කොච්චර හොඳට පාවිච්චි කලත් මේ වන විට පොඩි පොඩි රෙපෙයාර් එනවා. මොකද අද වනවිට වසර 14ක් විතර මේ වාහන භාවිත කරලා තියන නිසා. 
එහෙත් ඔබේ අවශ්‍යතාවය ටිකක් ඉඩ පහසුකම් තියන ලොකු වෑන් රතයක්නම් ඔබට ගන්න තියෙන්නේ 1994ට කලින් වසර වල නිෂ්පාදනය උණු වාහනයක්. අන්න එතකොට තමයි මම අර කලින් කීව ප්‍රශ්නේ මතුවෙන්නේ, මොකද ලක්ෂ 20ක් වගේ මුදලක් යට කරලා ඒ වගේ පරණ යකඩ ගොඩක් ගන්න එකේ තේරුමක් තියනවද? මෙතැනදී අපිට වියදම් කරන්න පුළුවන් උපරිම මුදල ලක්ෂ 20ක් කියන්නේ මුළු ලක්ෂ 20ම වාහනයටම යට කරන්න බෑ. මොකද අපිට වාහනය මිලදීගනීමෙන් පසුව එය භාවිතා කිරීමටනම් රක්ෂණයක් අවශ්යි ඇතැම් විට ආදායම් බලපත්‍රයද අලුත් කරන්න සිද්දවෙනවා ඉතින් එක නිසා දුක් මහන්සියෙන් එකතු කරගත්තට මුදල් සේරම යට කරලා මිලදී ගන්න වාහනයෙන් හිතට බරක් නැතුව භාවිත කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද? 
දැනට පරණ වාහන භාවිත කරන අය දන්නවා ඇතිනේ ඒවගේ නඩත්තුවට කොපමණ මුදලක් මසකට වැය කරනවද කියන එක. ඉතින් ඒක නිසා අලුතෙන් වාහනයක් ගන්න ඉන්න කෙනෙක් මේක බලනවානම් ටිකක් කල්පනා කරලා බලන්න. මේවට අපිට භාවිතා කරන්න පුළුවන් විසඳුම් කීපයක් මන් ලිපිය අවසානයේ සඳහන් කරන්නම්.

ඉතින් මන් ඉහත කතා කලේ වෑන් රථයක අවශ්‍යතාවය පවතින අයටනේ, ඒ වගේම තම ඔයා හොයන්නේ කාර් එකක්නම්, එතනදිත් ඉතින් අපිට බලන්න වෙනවා නේද අතේ තියන ගානට ගන්න පුළුවන් මොනවද කියල? මොකද අද වෙනකොට වෙළඳපොලේ අපිට ලක්ෂ 20ක් වගේ මුදලකට ගන්න පුළුවන්කම තියෙන්නේ 2000 වසරේ විතර නිෂ්පාදනය උන mazda ෆැමිලියා වගේ මෝටර් රථයක් විතරනේ. නිසාන් FB 13 හෝ FB 14 රථයක් ටොයෝට AE 100 හෝ AE 110 වගේ මාදිලිවල මෝටර් රථ ගන්න පුළුවන් උනත් ඒවගේ නිෂ්පාදිත වර්ෂය හා භාවිත කර ඇති දුර වගේම අයිතිකරුවන් ප්‍රමාණය බැලුවම ඒ වගේ මුදලක් වියදම් කරන එක පාඩුවක් නේද?

හරි ඉතින් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? අතේ තියන ගානින් ගන්න තියෙන්නේ යකඩ ගොඩවල් කියල වාහනයක් භාවිත නොකර ඉන්නවද? එහෙමත් නැත්නම් තවත් අවුරුදු ගානක් දුක් විඳලා තව ගානක් එකතු කරගනන්වද?

තීරණය ඔබ අතේ.

නමුත් දැන් මන් පොඩ්ඩක් කියනන්ම් මගේ අදහස් කීපයක්. අද ගොඩක් දෙනෙක් කියනවා ජපන් හෝ ඉන්ග්ලිෂ් වාහන ඇරෙන්ඩ අනිත් රටවල්වල හදන වාහන හොඳ නෑ කියල. එත් ටොයෝටා 141 වගේ වාහන එතකොට නවාර, ස්මාර්ට් කැබ් හදන්නෙත් ජපනේද? නෑනේ ඒවගේ ටෙක්නොලජි එක විතරයි ජපන් හරියට අපේ රටේ හදනවයි කියන මයික්‍රෝ වගේ. නමුත් මන් මේ සඳහන් කරපු වාහනවල අලවියේ හෝ කල්පවත්මේ හෝ වෙනයම් අඩු පාඩුවක් පවතිනවද? 
ඉතින් ඒ වගේම පොඩි ගානකට ගන්න පුළුවන් වාහන කොඉ තරම් අපේ රටේ තියනවද? KIA Hyundai වගේ බ්‍රෑන්ඩ් එකක වාහන අයි ප්‍රතික්ෂේප කරන්නේ? ඒ වාහනයක් බ්‍රෑන්ඩ් නිව් අරගෙන පරිස්සමෙන් පාවිච්චි කලානම් කොච්චර අලුත් option වගේම ලස්සන පෙනුමක් අඩු ගානකට අපිට භාවිතා කරන්න පුලුවන්ද? 1986 විතර ලංකාවට ගෙනාපු Hyndai Stellar මෝටර් රථ අදටත් ධාවනය වෙනවනේ. ඉතින් කොරියන් නෙවේ ජපන් නෙවේ දිවියලොකෙන් වාහන හැදුවත් මෙහෙ අපි භාවිත කරන පරිස්සම අනුව තමා ඒවගේ පැවැත්ම තීරණය වෙන්නේ. මන් පුද්ගලිකව දන්නා අය ඉන්නවා Hyundai KIA MICRO SL වගේ වාහන හොඳට ලෙඩක් දුකක් නැතුව භාවිතා කරන. රී සෙලින්ග් උනත් අද වෙනකොට ලොකු ප්‍රශ්නයක් නෙවේ, අනික Hyundai Santafe, Hyundai Tucson වගේ වාහන වලර ලක්ෂ 60ක් විතර වියදම් කරන රටේ එම වර්ගයේම වෙනත් අඩු මුදලක තියන මෝටර් රථයක් ගන්න අදී මදි කරනවා, මොකද්ද එකේ තියන තේරුම? ඒ වගේම තවත් විසඳුමක් තියනවා ඒ තමයි පොඩි බට්ට වෑන් ඔබට ජපන් වාහනයකට යන්නම ඕනෙනම් ඒ වගේ රථයක් මිලදීගන්න පුළුවන්. ලක්ෂ 20ක් ඇතුලත රී කන්ඩිෂන් වාහනයකටම යන්න පුළුවන්. 

ඉතින් චුට්ටක් හිතල බලන්න ලක්ෂ ගානක් වියදම් කරන්න කලින්.

තවත් දෙයක් තියනවා ඒ තමයි මන් මෙතැනදී කියන්නේ නහ ජපන් තාක්ෂනයට සම කරන්න පුළුවන් කියල. නමුත් අපි වියදම් කරන ගානට අපිට ලැබෙන ප්‍රතිලාභ සාදාරණය කරගන්න පුළුවන්. අනික් දෙය තමයි මන් මේ ලිපිය ලීවේ ලොකු සල්ලි කාරයින්ට නෙවේ මහින්දරාජපක්ෂ ආණ්ඩුවෙන් බැට කන මද්යම පන්තියේ ජනතාවට.

නිසාන් වැනට් ඉතිහාසයට ටිප්පනියක්

කොහොමද කස්ටිය සෑහෙන කාලෙකින් ඔන්න හිතුන වාහනයක් ගැන විස්තරයක් දාන්ඩ, මතක ඇති කට්ටියට මන් දාපු මැස්ඩ ෆැමිලිය වාහනේ ඉතිහාසය ගැන විස්තරේ.ඔන්න ඉතින් අද දාන්න හදන්නේ නිසාන් වැනට් එක ගැන පොඩි විස්තරයක් හරි එහෙමනම් ඔන්න මෙහෙමයි වැඩේ පටන් ගත්තේ 1978 ඔක්තෝම්බර් මාසේ තමයි ඉස්සෙල්ලම මේ වාහනේ නිෂ්පාධන කටයුතු ආරම්භ උනේ. හැබැයි ඒ නිසාන් වැනට් විදියටනම් නෙවේ, මුල්ම කාලේ මේ වාහනය හදිනුනේ දට්සන් සී20 ලෙස, ටික දවසකින් මේක නිසාන් දට්සන් වැනට් විදියට වෙනස් උනා. ඔන්න ඉතින් ඔය විදියට වැඩේ නැගල යද්දී 1980 වගේ වෙද්දී මේ නිෂ්පාධනයේ නම තව දුරටත් වෙනස් උනා, නිසාන් සනි වැනට් සහ නිසාන් චෙරි වැනට් විදියට. මෙම මාදිලි දෙකේ පැහැදිලි වෙනස්කම් දකින්නට නොලැබුනත්, ඉදිරිපසින් වෙන වෙනම වෙන් කරගැනීමට හැකියාව ලැබුන, ඒ තමයි සනි වැනට් එකේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු දෙකක් සහ චෙරි වැනට් එකේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු එකක් පමණක් පැවතීම. 1980 මාර්තු මාසයේදී මෙම වෙනස් කම් සහිතව වෙළඳ පොලට නිකුත් කරන ලද්දේ බ්ලු බර්ඩ් ඩීලර් නෙට්වර්ක් (Bluebird' dealer network) යන ආයතනය හරහාය
නිසාන් සනි වැනට්
නිසාන් චෙරි වැනට්
අද අපිට දකින්න තියෙන්නේ නිසාන් වැනට් වෑන් රථ සහ ලොරි රථ පමණක් උනාට මුල් අවධියේදී මෙම මාදිලිය ලොරි රථයක්, වෑන් රථයක් ලෙස වගේම ආසන 9යකින් සැරසුණු මිනි බස් රථයක්ද නිෂ්පාදනය වී තිබෙනවා, මෙහිදී ප්‍රධානවශයෙන් මිනි බස් රථය 1.4 එන්ජින් ධාරිතාවයකින් සහ ලොරි රථය සහ වෑන් රථය 1.2 ධාරිතාවයකින් යුක්තව නිෂ්පාධනය කර ඇත.
නිසාන් වැනට් මිනි බස් රථයක්
ආ...ආ...දැන් කට්ටිය බලාගෙන ඇති එතකොට මේ ලංකාවේ දකින්ඩ තියන හයි රූෆ් වැනට් වලට වහල තිබ්බේ ලංකාවෙදිද කියල...ලොල් ලංකාවේ ඉන්න උන් වාහන වලට කරන අපරාද වල හැටියට එහෙම දෙයක් කලත් ඉතින් එක ගැන එච්චර පුදුම වෙන්ඩ දෙයක් නෑ. මොකද පුද්ගලිකව මා සතුව පවතී නිසාන් වැනට් 1994 වර්ෂයේ නිෂ්පාදිත වෑන් රථයක් මා මිලදී ගැන්මේදී හයි රූෆ් මාදිලියෙන් මිලදී ගත අතර එය මැ විසින් විකුණන ලද්දේ අනතුරකට භාජනය වීමෙන් පසු ෆ්ලැට් රූෆ් කිරීමෙන් පසුවය :ලොල්: හරි ඒ වල බයිලා මෙතෙන්ට ඕන නෑනේ, ඔව් ඔයාල ඒ දැකපු හයි රූෆ් වාහන ඇත්තටම ජපනම හදපුව තමා, හයි රූෆ් මාදිලිය නිර්මාණය ආරම්භ කරන ලද්දේ 1979 වසරේ ජුලි මාසයේ. මෙය වෑන් එකට මෙන්ම මිනි බස් මාදිලියටද හදුන්වා දෙන ලදී
නිසාන් වැනට් චෙරි වැනට් හයි රූෆ් රථය
පලවෙනි පරම්පරාවේ අවසාන භාගය වන විට දැවැන්ත වෙනසක් සිදු කරන වැනට් මාදිලිය 2000 එන්ජින් ධාරිතාව සහිතව ඩීසල් එන්ජින් සහිත වාහන වෙළඳපොළට නිකුත් කරන ලදී. ඒ 1981 වසරේදීය. මේ අතරතුරේදී 1982 වසරේදී පොඩි වෙනස්කම් සහිතව තවත් මාදිලියක් හදුන්වාදුන් අතර එය වැනට් ලාර්ගෝ ලෙස නම් කරන ලදී. මෙහිදී කරන ලද වෙනස්කම් අතර ඉදිරිපස ඩෑෂ් බෝර්ඩ් එක නැවත නිර්මාණය කිරේම සහ ඉදිරිපස ඩිස්ක් බ්රේක් පද්දතියක් සවි කිරේම දක්නට ලැබුණි
නිසාන් ලාර්ගෝ රථයක්
ඔන්න ඔහොම තමයි සී20 මාදිලියේ නිෂ්පාධන කටයුතු ඇරබී 1988 වර්ෂයෙන් නිෂ්පාදනය නතර උනේ, නමුත් ඔවුන්ගේ සී22 මාදිලිය මේ වනවිටත් වෙලධපොලට නිකුත් කරලා තිබුන ඒ 1985 වසරේ. අපි එක ගැන කතා කරමු ඊළඟ පොස්ට් එකෙන්, මොකද තනි පොස්ට් එකට ඔක්කොම ලියන්ඩ දෙන්න බෑ කියනවා.

ඔන්න එහෙමනම් පටන් ගත්ත කස්ටිය දෙවැනි පරම්පරාව නිර්මාණය කරන්ඩ. කලින්ට වැඩ පෙනුමනම් ගන්න යමක් තිබ්බ මෙම මාදිලිය ඇමරිකානු වෙළඳපොළට නිකුත් කරන්න තමයි කස්ටිය සෙට් වෙන්නේ. ඉතින් ඕක ලේසි වැඩක් උනෙත් නෑ, මොකද ඒ වෙද්දීත් අපි කවුරුත් දන්නා මෙලෝ රහක් නැති එත් අස්ප ගණන් කියන ටොයෝට වෑන් ඇමරිකාවට බොලේ බස්සල තිබ්බ නිසා. නිසාන් සමාගමට ලොකුම අභියෝගය උනේ ටොයෝට සහ මිට්සුබිෂි සමාගම්වලින් ඇමරිකානු වෙළඳපොළට නිකුත් කල වෑන් රථ සමග තරඟ කිරීම.
මුලඅවධියේ නිෂ්පාධනය උණු දෙවැනි පරම්පරාවේ රථයක්.
ඉදිරිපස ලාම්පු රවුන් හැඩයකින් ඇත ඔන්න ඉතින් ඔය කාලෙම තමා ඇමරිකාවේ ඔය මිනි වෑන් ජනප්‍රිය වේගන ආවේ. ඉතින් ගේමට බැහැපු නිසාන් කොම්පැනියේ මචන්ලා ටික, දුන්න ඇඩෙන්න ගේමක්. මේ වෙනකන් වෙළඳපොලේ තිබුණු 2000 ඛාණ්ඩයේ එන්ජින් ධාරිතාවට ටටා කියල කස්ටිය දැම්ම නිසාන් වැනට් එකක් 2400 සී සී. ඇඩෙනවනේ ඉතින්, ඔන්න දැන් බදු විකිනෙනවා උණු කැවුම් වගේ, හැබැයි ඉතින් ඕක ඇමරිකාවේ විකුණුවේ කුජීත නම් වලින් නෙවේ කෙලින්ම නිසාන් වෑන් කියල
ඔන්න ඇමරිකා පැටෙව්ව වාහනේ
ඔන්න පුතා ඉතින් අර කස්ටිය උණු කැවුම් වගේ ගත්තු වාහන උණු වෙන්න ගත්ත කාලේ, අයි ඉතින් අපි කවුරුත් දන්නවනේ නිසාන් වැනට් කියන්නේ පොඩි වාහනයක්නේ අෆ්ෆා, ඕක කොහොමද 2400ක් දරන්නේ, අනේ ඉතින් ඔන්න බදු හීට් වෙන්න ගත්ත ඒ විතරක්නම් මදැ එන්ජිම ගිනි ගඳ එතකොට වේගෙන් යද්දී කෑලි හැලෙන්ඩ පවා පටන් ගත්ත. 1994 වෙනකනුත් ඉතින් ඕකට විසඳුමක් හොයාගන්න බැරි උනා ජප්පට, නමුත් මේ ප්‍රශ්නේ ගොඩක්ම ඇති උනේ ඇමරිකාවට පටෝපු වාහන වල තමයි. මේ පැත්තේ ආව ඒවානම් ලෙසටම ඔය තවත් දුවන්නේ. කොහොමත් මෙහෙට ආව ඒවගෙත් ඔය හීට් වෙන සිද්දීයනම් ටිකක් තියනවා. නමුත් ඉතින් ඕකට විසඳුමක් හොයාගන්න බැරි උනා නිසා, දෙවැනි පරම්පරාවටත් කස්ටිය තිත තිබ්බ.
 මේ තියෙන්නේ දෙවැනි පරම්පරාවේ කලින් කලට ආව මාදිලි කිහිපයක්. දෙවැනි පරම්පරාවේත් අර කලින් කීව වගේ ලාර්ගෝ මාදිලියක් ආව, පහත දැක්වෙන්නේ එහෙම එකක්
හරි එහෙමනම් ඔන්න ඔය විදියට දෙවන පරම්පරාවේ නිෂ්පාධන කටයුතු හමාරකරලා 1994 වර්ෂයේදී තුන්වන පරම්පරාවට අත තියනවා මෙහිදී සී අකුර ඉවත් වී එස් අකුරෙන් ආරම්භවන මාදිලි නම්කිරීම ඇරඹෙනවා (S20, SE80, SK88). ඔන්න ඉතින් මේ වෙද්දීනම් සුපිරිම ගනයේ පෙනුමක් සහිතව නිපදවෙන නිසාන් වැනට් රථය, වෙළඳපොලේ සැහෙන්න ජනප්‍රිය වෙනවා ඩිලිවරි රථයක් වශයෙන්. ඉතින් මේ හේතුව නිසාම 1996 වසරේදී ඩබල් වීල් සහ ජස්ලෝ මාදිලි වලිනුත් නිසාන් වැනට් එක වෙළඳපලට එනවා. තුන්වන පරම්පරාවේදී සුඛෝපභෝගී තත්වය වැඩි දියුණු කිරීම උදෙසා පවර් ශටර් පවර් මිරර් සහ ස්වයංක්‍රීය ගියර් පද්දති මෙම වාහනයට හදුන්වා දෙනවා. මෙහිදී සඳහන් කලයුතු දෙයක්නම් දෙවැනි පරම්පරාවේ අවසාන භාගයේදී නිෂ්පාදනය උණු ඇතැම් රතවලද මෙම ගුණාංග හදුන්වාදීම් සහ පරීක්ෂණ මට්ටමෙන් ලබා දී තිබුන.
1995 වසරේදී නිමවුණු රථයක්. මෙම මාදිලිය 1997 වසර වනතෙක්ම මේ අයුරින් නිෂ්පාදනය උනා
ඔබට ඉහත දක්වා ඇත්තේ 1994 වසරේ සිට 1996 දක්වා නිෂ්පාදනය උණු මාදිලියි, මෙය ලංකාවෙනම් යකඩ ෂෙල් වැනට් එක විදියට හදුන්වනු ලබනවා, එහෙත් 1996 වසරේදී මේ මාදිලියට සමගාමිව ඉදිරිපස ෂෙල් එක ප්ලාස්ටික් වලින් නිර්මාණය උණු රථයක්ද නිෂ්පාධනය උනා. පළමු මාදිලියට වදමේම මාදිලිය බොහෝ සේ ජනප්‍රිය උණු අතර පෙනුමෙනුත් යමකිසි උසස් තත්වයක් දක්නට ලැබුන. නමුත් මෙහිදී ඔවුන්ගේ රථවල පවර මිරර් පවර් ශටර් සමග ස්වයංක්‍රීය ගියර් පද්දතිය එකම රථයක දක්නට නොලැබුණු අතර එසේ සියල්ලම එකම රථයක් සඳහා නිෂ්පාදනය උනේ 1998 වසරේදීය. එය විශේෂ මාදිලියක් ලෙස වෙළඳපොළට එළිදක්වනු ලැබුවා.ඒ සමගම මෙහි නිෂ්පාදන කටයුතු 1998 වසරේදී නැවත ඔවුන් සිවන නැත්නම් අවසාන පරම්පරාවේ නිෂ්පාධන අරබනු ලැබුවා.
Nissan Vanette Plastic Buffer
මේ තියෙන්නේ අර කලින් සඳහන් කල 1998 වසරේ නිෂ්පාදනය උන ෆුල් ඔප්ෂන් රථයක් මෙය Nissan Vanette GL (Special Edition) (වාසනාවකට හෝ අවාසනාවට මේ මගේ තිබුන වෑන් එක)
ඔන්න එහෙනම් කතාවේ අන්තිම කොටස. සිව්වන පරම්පරාව. ඔන්න ඉතින් අපි කවුරුත් දන සින්හමූණ කරලියට එන වෙලාව. 1999දි තමයි ප්‍රධාන වශයෙන් මේක නිෂ්පාධනය පටන් ගන්නේ. පෙර තුන්වන පරම්පරාවේ පිට පෙනුමටත් අභියෝගයක් කිරීමට පුළුවන් අයුරින් මෙවර නිෂ්පාධනය ඉදිරිපත් කරන නිසාන් සමාගම 2002 වන විට ABS. සහ SRX. එයාර් බෑග් යන ආරක්ෂණ පද්දතිත් සමග වෙළඳපොළට ඉදිරිපත් කරයි. මෙහිදී නිසාන් වැනට් රථ ආරම්භයේ සිට පවතී සියලුම සොයාගැනීම් මෙම රථයට එක උණු අතර, ෆුල් ඔප්ෂන් රථයක් ලෙසට වෙළඳපොල ජයගන්න ලධි. එහෙත් මෙහිද මාදිලි කීපයක්ම දක්නට ලැබෙන අතර පවර් ශටර් පවා නොමැති මාදිලිද වෙළඳපොලේ දක්නට ඇත
Nissan Vanette GL High Roof
Nissan Vanette DX Flat Roof
දැන් කට්ටිය බලනවා ඇතිනේ 2009න් පස්සේ මොකද උනේ කියල, මෙන්න බඩු පේනවනේ කිරි ටොයිය භාන්ඩේ,
ඔන්න ඉතින් ඒ විස්තරෙත් ඉවරයි එහෙමනම් මන් ගිහින් එන්නම්, මේක ලියන්න සැහෙන්න මහන්සි උනා. කොහෙවත් උපුටගනීමක් නොවන අතර අන්තර්ජාලය ඇසුරෙන් කරුණු සොයා මෙම ලිපිය සකසන ලධි. එපමණක් නොව එකම ලිපිය දෙවරක් ලිවීමටද මට සිදු වුයේ හදිසි විදුලි බින්දවටීමක් හේතුවෙන්. එහෙමනම් කොමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා.

සොමේගේ බ්ලොග් එකේ ආරම්භය.

බ්ලොග් කරණයට අලුතෙන් සෙට් උනාට සෝමේ අයිය අන්තර් ජන්ජාලයටනම් අලුත් කෙනෙක් නෙවෙයි ඔන්න, 2004 වසරේ ඉඳල මේ අන්තර් ජංජාලේ සරි සරල ජීවිතේටත් නොයෙකුත් ජන්ජාල සිද්දකරගත්තු මිනිහෙක් තමයි සෝමේ අයිය.
ඉතින් කොහොම හරි 2004 ඉඳල නොයෙකුත් වෙබ් අඩවිවල කින්ග් කසුන්, කසුන් ඊස් ද බෙස්ට්, වගේ නම් වලින් හිටිය සෝමේ අයිය 2008වසරේදී හොඳ හිත ඩොට් කොම් කියල සයිට් එකක් එහෙමත් අන්තර්ජාලයට එකතු කළා,එත් ඉතින් කාලයත් එක්ක ඔය හැම දෙකින්ම අයින් වෙන්න සෝමේ අයියට සිද්ද උනා කියහල්ලකෝ.
ඔක්කොම දමල ගහල ඉතින් 2010 විතර සෝමේ අයිය සෝමපාල කියන නමින් ආපහු කරලියට බැස්ස, ඉතින් ඔහොම ඉන්න අතරෙ වත්ත වටේ තියන එක එක සයිට් වලට එකතු කරපු මගේ නිර්මාණ එකම තැනකින් දෙන්න හිතුන නිසා තමයි මේ බ්ලොග් අඩවිය ආරම්භ කරන්න හිතුනේ, ඉතින් මන ගැන නොදන්නා අයත් දන්නා අයත් මට මේක ඉස්සරහට කරගෙන යන්න උදව වෙයි කියල මම හිතනවා.
එහෙමනම් අද ඉදන් පටන් ගම්මු සොමේගේ පොට් එකේ වැඩ කටයුතු